අර්ජූන් එක්ක ආයෙත් පරිනීති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-92

මේ වසරේ තිරගත වූ ‘නමස්ත ලන්ඩන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ අර්ජූන් කපූර් හා පරිනීති චොප්රා මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපටයකින් යළි දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී ඇත. ඒ ඩිබාකර් ජනරාජි විසින් අධ්‍යක්ෂණය කළ ‘සන්දිප් අවර් පින්කි පරාර්’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටය මේ වසරේ මාර්තු 01 වැනිදා ප්‍රදර්ශනවය වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවු ‘නමස්තේ ලන්ඩන්’ චිත්‍රපටය අසාර්ථක එකක් වූ අතර, එය සිය නිෂ්පාදිත මුදල පවා සොයා ගැනීමට නොහැකි චිත්‍රපටයක් බවට පත් විය. ‘සන්දිප් අවර් පින්කි පරාර්’ චිත්‍රපට යශ්රාජ් චිත්‍රපට සමාගමේ බෙදාහැරිමක් වෙයි.