ඇම්බර් හාර්ඩ් ප්‍රශ්න ගොඩක
2018 වසරේ ඉහළ ආදායමක් උපයාගත් ‘ඇකුවාමෑන්’ චිත්‍රපටයේ ‘මීරා’ ලෙස රංගනයෙන් දායක වූ ඇම්බර් හාර්ඩ් මේ වනවිට ප්‍රශ්න ගොඩක පැටලී ඇතැයි වාර්තා වෙයි. ‘පයිරේට්ස් ඔෆ් ද කැරඹියන්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් ජොනි ඩෙෆ්ගේ හිටපු බිරිඳ වන ඇම්බර් මේ වනවිට සමාජ සත්කාරයන් සඳහා ආධාර කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7කට වඩා වැඩි මුදලක් ගෙවා නොමැති බව සඳහන් වෙයි.
එයට හේතුව ලෙස ඇම්බර් පවසා ඇත්තේ තම හිටපු සැමියා වූ ජොනී ඩෙෆ් තමන්ට දික්කසාද වීමෙන් අනතුරුව ගෙවන්නට පොරොන්දු වු වන්දි මුදල තවමත් ගෙවා නොමැති හෙයින් තමන්ට මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවු බවය. කෙසේ වෙතත්, තවමත් ඩෙෆ් හා ඇම්බර්ගේ දික්කසාද නඩුව විභාග ගත වෙමින් පවතියි.