ඇමසන් වනය ගිනි තියන්න ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බවට බ්‍රසීල ජනපතිගෙන් චෝදනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-498

ඇමසන් වනය ගිනි තැබීමට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බව පවසමින් බ්‍රසීල ජනපති ජයිර් බොල්සොනාරෝ ඔහු වෙත චෝදනා එල්ල කර තිබේ.

“මේ ලියනාඩෝ ඩිකැප්රියෝ කියන හාදයා නියම මිනිහෙක්, හා බොරු ද? ඇමේසන් වනය ගිනි තියන්න සල්ලි දෙන එක.”   

බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති අතර මේවසරේ දී ඇමසන් වනයේ කොටසක් විනාශ කළ ගින්නට හේතු වූ “ජනාධිපතිගේ ප්‍රතිපත්ති” විවේචනය කළ රාජ්‍ය නොවන සංවිධාන වෙත ද මින් පෙර ඔහු චෝදනා එල්ල කර තිබුණි.

ඇමසන් වනයට ගිනි තැබුවේ ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම සඳහා යැයි මතභේදයට තුඩු දුන් සහ ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් මේ වනවිට කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර ඇත.  

ඇමසන් වනය රැකගන්න ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුල්‍ය ආධාර ලබාදුන් හොලිවුඩ් නළු ලියනාඩෝ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.