ඇමරිකාවේ පොප් ගායිකාවන් දෙදෙනෙකුගේ, අසභ්‍ය වීඩියෝවට දසතින් විවේචන එල්ල වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොප් සංගීතය කියන්නේ කුඩා දරුවන්ගේ ඉඳලා යොවුන් පරපුර දක්වා පිරිස් ආදරයෙන් වැළඳගත්තූ සංගීත ශෛලීයක්.

මේ කියන්න හදන්නේ පොප් සංගීතයෙන් කාගෙත් නෙත් සිත් පැහැරගත් තාරකාවන් දෙදෙනෙකු කරපු ආන්දෝලනාත්මක වැඩක් ගැනයි.

Cardi B සහ Megan Thee Stallion කියන ඇමරිකානු ගායන ශිල්පිනියන් දෙදෙනා විසින් සිදු කළ මේ ගායනය වඩාත් කතාබහට ලක්ව ඇත්තේ එය ලිංගික සහ අසභ්‍ය දර්ශණ ඇතුළත්ව සිදු කිරීම නිසයි.

මෙය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් වුණු අතර, බොහෝ දෙනා ගීතය හා එහි වීඩියෝවේ ඇතුළත් කාමුක දර්ශන ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට පටන් ගත්තා.

Cardi B මෙම විවේචනවලට පිළිතුරු දෙමින් සඳහන් කර තිබුණේ, ඇය ගීත නිර්මාණය කළේ ළමයින්ට නොව වැඩිහිටියන්ට බවයි.

කෙසේ වෙතත් ඇතැම් රසිකයින් සඳහන් කළේ, ඇයට ප්‍රිය කරන ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස අතරේ කුඩා ළමයින්ද සිටින බවයි. යම් හෙයකින් ඔවුන්ට මෙය "නරක ආදර්ශයක්" බවයි ඔවුන් කියන්නේ.

Dailymail ඇසුරිනි.

20210401Song-1 20210401Song-2