ඇන්ඩ්‍රියාස්ගේ පළමු උපන්දිනය
සුරූපි සිනමා නිළි ඇමි ජැක්සන් හා කෝටිපති ව්‍යාපාරික බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් පැනයිටෝගේ පළමු දරුවා වන ඇන්ඩ්‍රියාගේ පළමු උපන්දිනය පසුගිය සැප්තැම්බර් 16 වැනිදිනට යෙදි තිබුණි. මේ වනවිට ඇමෙරිකාවේ ටෙක්සාස්හි මේ වනවිට රැඳී සිටින ඇමි සිය පළමු දරුවා වෙනුවෙන් චාම් උපන්දින සාදයක් පවත්වා තිබුණි. එය ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුව තීබීම විශේෂත්වයකි.
මේ වසරේ අගෝස්තුවේදී ග්‍රීසියේදි සිය විවාහය සිදු කිරීමට ඇමි හා ජෝර්ජ් දෙදෙනා සැළසුම් කර තිබුණද ගෝලීය වසංගතයක් වූ ‘කොවිඩ් 19’ වෛයිරසය හේතුවෙන් එයද ඔවුන් විසින් අත්හැර දමා තිබෙන බව වාර්තා වෙයි. ඇමි ජැක්සන් විසින් සිය දියණිය ඇන්ඩ්‍රියාස් වෙනුවෙන් නිර්මාණය කළ විඩියෝවක් මේ වනවිට ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සිය රසික පිරිස් සමග බෙදාගෙනද තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.