ඇන්ජලීනා තවත් දරුවෙකු බිහිකරන්න සූදානම්
බ්‍රැඩ්පිට්ගෙන් වෙන්වූ තමන් නැවතත් ඔහු සමග කිසිදු සම්බන්ධයක් ඇති නොකර ගන්නා බව ඇන්ජලිනා ජොලී තවමත් පවසන කරුණකි. කෙසේ වුවත් මේ වනවිට පෙම්වතියක වී සිටින ඇන්ජලීනාගේ පෙම්වතා කවුදැයි ඇය පවසා නොමැත. එයද තවමත් රහසක් ලෙස පසුවන බව සඳහන් වේ.
ඇන්ජලීනාට සමීප වී සිටින අලුත් පෙම්වතාගේ නම හෙළි නොවුණද, ඔහු කෙබඳු වෘත්තියක නියැළී සිටින අයකුද යන තොරතුරු හෙළිව තිබේ. ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලද අයෙකු වන අතර, සමාජ සේවයට වඩාත් ලැදි පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුද විවාහ වූ පුද්ගලයෙකු බව වැඩිදුරටත් වාර්තා වේ. ඔහුගේ බිරිඳ ඔහුගෙන් නීත්‍යනුකූලව වෙන්වීම ප්‍රතික්‍ෂේප කළද, මේ වනවිට ඒ සඳහා කැමැත්ත පළකර ඇතැයි සඳහන් වේ. එබැවින් ඇන්ජලිනාගේ උත්සාහය වී ඇත්තේ ඔහුට දාව දරුවෙකු බිහිකිරීම බව පැවසේ. මෙම දරුවා බිහි කරනුයේ ඇන්ජලිනාගේම කුසෙන් නොවන බවත්, දෙදෙනා හැදීමට බලාපොරොත්තු වන බිලිඳා කුසදරා ගන්නේ වෙනත් කාන්තාවක බවත් විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.