ඇන්ජලීනා ජොලීව පරදා ‘Lara Croft’ වූ ඇලීසියා
2018 වසර හොලිවුඩ් සිනමාවේ විශිෂ්ඨ වසරක් බව නම් නොඅනුමානයි. 2017 වසරට සාපේක්ෂව සිදුවූ නිර්මාණයට සාපේක්ෂව මෙම වසරේ එළිදැක්විමට නියමිතව ඇති නිර්මාණයන් බොහෝ ප්රමාණයක් එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වසරේ ඇති හොලිවුඩ් චිත්රපට අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති චිත්රපටය කිහිපයක් තිබේ. ඒ අතරින් ඇතැම් නිර්මාණ නැවත ප්රතිනිර්මාණයක් සිදුකිරීමට මෙම වසර යොමු වී ඇති බවද සඳහන් වෙයි. 2001 නිෂ්පාදනය වූ චිත්රපට මාලාවක නැවත නිර්මාණයක් සිදු කිරීමට හොලිවුඩ් සිනමාව සූදානම් වෙයි. එය ලබන මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇති බවත් සඳහන් වෙයි.
2001 වසරේදී හොලිවුඩ් සිනමාවේ පෙරලිකාර චිත්රපටයක් ලෙස නම් වූ ඇන්ජලීනා ජොලී රංගනයෙන් දායක වූ චිත්රපටය පිළිබඳව නැවත කතාබහට ලක් වෙයි. ඒ Lara Croft: Tomb Raider නම් චිත්රපටයයි. එහි Lara Croft චරිතය සඳහා පණ පොවනු ලැබූ ඇන්ජලීනාගේ සිනමා ආගමනයේ මූලික කාල වකවානුව එයයි. එම කාලයේදී හොලාවුඩ් සිනමාවේ පෙරලියක් ඇති කරලූ චරිතයක් වන ඇන්ජලීනාගේ මෙම චිත්රපටය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළකරනු ලැබීය. එමෙන්ම එම චිත්රපටයද ආදායම් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් විය. Lara Croft: Tomb Raider චිත්රපට ඇන්ජලීනාගේ 18 වැනි චිත්රපටද විය. 1982 වසරේ සිනමාවට අවතීර්ණ වී 2001 වසර වනවිට වෘත්තීම රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රය තුළ ස්ථාවරත්වයක් ලබා ගත් ඇයගේ රංගන ජීවිතයේ වෙනස් කම් රැසක් සිදුවූ චිත්රපටයද මෙය විය. 2003 වසරේදී එම චිත්රපටයේ දෙවැන්න ලෙස Lara Croft Tomb Raider: The Cradle of Life චිත්රපටය එළිදැක්වීය. එම චිත්රපටත් ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වූ චිත්රපටයක් විය. මේ වනවිට එම චිත්රපට සඳහා විදෙස් අවධානය යොමු වන්නේ එම චිත්රපටයේ තෙවැන්නක් එළිදැක්වීමට නියමිත බැවිනි. Tomb Raider ලෙස නම් කර ඇති මෙම චිත්රපටයේ Lara Croft පණ පොවනු ලබන්නේ ඇන්ජලීනා නොවීමත් පුදුමයට කරුණකි. එම චරිතය සිනමාව තුළ තැන්පත් කරනු ලැබූ ජොලී මෙවර Tomb Raider චිත්රපටයට දායක නොවන්නේය. ලබන මස එළිදැක්වීම නියමිතව ඇති Tomb Raider චිත්රපටයේ ප්රධාන පණ පොවනු ලබන්නේ මෑතකදී සිනමාවට තුළ ජනප්රියත්වයක් ඉසිලූ නිළියක් වන ඇලීසියා විකැන්ඩර් විසිනිය. රෝර් උතාග් විසින් අධ්යක්ෂණය කරනු ලබන මෙම චිත්රපටය ක්රිස්ටල් ඩයිනමික්ස් විසින් රචිත ග්රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන බව සඳහන් වෙයි.
මෙම චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන ඇලීසියා මීට වසර 08ක පෙර, එනම් 2010 වසරේදී සිනමාවට අවතීර්ණ වූ අයෙකි. Pure නම් චිත්රපටය ඇයගේ ප්රථම සිනමා නිර්මාණය වූවත්, ඇය පුංචි තිරයේ වැඩකටයුතු සඳහා 2002 වසරේ සිට නියැළී තිබේ. 2002 වසරේ විකාශනය වූ රූපවාහිනි කාතාමාලාව අතුරු චරිතයක් සඳහා රංගන දායකත්වය ඇය ලබා දී තිබේ. ඉන්පසු 2003 වසරේදී සහ 2005 යන වසර වල රූපවාහිනි නිෂ්පාදනයන් වෙනුවෙන් ඇය රංගන දායකත්වය ලබා දී තිබේ. ඒ ආකාරයෙන් රංගනය ප්රවිශ්ඨ වූ ඇය 2011 වසරේදී ඇය දෙවැනි නිර්මාණය ලෙස දායක වන්නේ The Crown Jewels චිත්රපටයටයි. ඉන්පසු ඇයට 2012 වසරේදී සිනමා නිර්මාණ 02ක් සඳහා රංගන අවස්ථාව හිමිව තිබේ. 2013දී තවත් සිනමා නිර්මාණයන් දෙකක් සඳහා රංගනයෙන් දායක වන අතර, ඒ අතරින් ඇය රංගනයෙන් දායක වූ The Fifth Estate චිත්රපටය අසාර්ථක චිත්රපටයක් විය. 2014 වසරේදී ඇය චිත්රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒඅතරින් ඇයගේ ජීවිතේ වෙනස් කරනු ලැබූ චිත්රපටයක් බවට හඳුන්වන්නේ Seventh Son චිත්රපටයයි. මන:කල්පිත මායා කතාවක් ලෙස සුප්රිසිද්ධියට පත්වූ එම චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් විය. 2015 වසරේ සිට 2017 දක්වා චිත්රපට 09ක් සඳහා රංගනයෙන් දායක වි තිබේ. එමෙන්ම මෙම වසරේ ඇය චිත්රපට 02ක් සඳහා රංගනයෙන් දායක වන අතර, එම චිත්රපට අතරින් එක් චිත්රපටයක් වන Tomb Raider චිත්රපටය ඉදිරියේදී එලිදැක්වීමට නියමිත අතර, Freak Shift චිත්රපටයේ නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන් වෙයි. Tomb Raider චිත්රපටයේ Lara Croft චරිතයට කොපමණ සාධාරණයක් ඉෂ්ඨ වේ දැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන බවත්, මෙම චිත්රපටය පිළිබඳව බොහෝ ධනාත්මක අදහසක් ඇති බවත් චිත්රපට විචාරකයන් පවසා තිබේ. එම කාරණා හේතුවෙන් මෙම කාරණා හේතුවෙන් මෙම චිත්රපටය පිළිබඳව බොහෝ බලාපොරොත්තු රැසක් ඇති බවද අධ්යක්ෂකවරයා පවසා තිබේ.