ඇන්ජලීනා ජොලීගේ ගෝනුස්සන් සලාදය...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-23-ent-47

හොලිවුඩයේ දක්ෂ මෙන්ම ජනපි‍්‍රය නිළියක වන ඇන්ජලීනා ජොලී දික්කසාද වීමට සූදානම් වීම බොහෝ දෙනෙකු කැළඹූ කරුණක් විය. එහෙත් ඇගේ දික්කසාදය සම්බන්ධයෙන් ඇය එතරම් අදහස් පළ කළේ නැත. පසුගිය දා ඇය දික්කසාදය සම්බන්ධයෙනුත්, සිය දරුවන් හය දෙනා හදා වඩා ගන්න ආකාර සම්බන්ධයෙනුත්, වර්තමාන දේශපාලනය හා කි‍්‍රකට් සම්බන්ධයෙන් බීබීසි මාධ්‍ය ආයතනය සමග අදහස් බෙදා හදා ගැනීමට කැමැත්ත පළ කළාය.

ඇගේ සම්මුඛ සාකච්ඡුාව පැවැත්වුණේ කාම්බෝජයේය. වසර ගණනාවකට පෙර දී ඇය මැඩොක්ස්ව හදා ගැනීමට ගත්තේ කාම්බෝජයෙනි. ඇය මාධ්‍යවේදීන් සම`ග සම්මුඛ සාකච්ඡුාවට එකතු වීමට පෙර කාම්බෝජයට විශේෂ වූ ආහාර සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමට කාලය ලබා ගත්තාය. ඇය ගෝනුස්සන් හා මකුළුවන් එකතු කර විශේෂ ආහාරයක් සකස් කොට සිය දරුවන්ටත් මාධ්‍යවේදීන්ටත් ඒවා පිළි ගැන්වූවාය. ඇය ගෝනුස්සන් කෑමට සුදුසු පරිදි සකස් කරන විට ඇගේ දරුවන් ද ඇයට උපකාර කළාය. ඇය ගෝනුස්සන් ආහාරයට ගනිමින් ඒවා ආහාරයට ගන්නා ආකාරය ද පෙන්වා දුන්නාය.

‘‘කෘමීන් කියන්නේ හැම වෙලාවෙම ආහාරවල කොටසක් කියලයි මම හිතන්නේ.. ඒත් කෘමීන් ආහාරයට ගැනීම නම් ඇත්තටම ඇති වෙලා තියෙන්නේ යුද්ධය නිසයි..’’ ඇය ආහාර සකස් කරන අතරතුරේ ඒ සම්බන්ධයෙන් විස්තර කරන්නට වූවාය. ‘‘යුද්ධය අතරතුරේ ආහාර කියන්නේ සොයා ගන්න අපහසු දෙයක්.. ඒ වේලාවට බඩගින්නෙන් බේරෙන්න මිනිස්සු තියෙන ඕනම දෙයක් ආහාරයට ගන්නවා.. ගෝනුස්සන්, මකුළුවන් වගේ සතුන් ආහාරයට ගන්න පුරුදු වුණා..’’

ඇය ගෝනුස්සෙකුගේ අඩු ඉවත් කර ගනිමින් උන් එකෙක් මුව තුළ රුවා ගනිමින් කීවාය. ඇය ඇගේ දරුවන්ටත් උන්ව ආහාරයට ගැනීමට උදව් කළාය.

 

පවනි උමයංගනා

 

2017-02-23-ent-48