ඇන්ජලීනා එක්ක එලී
හොලිවුඩයේ දිනෙන් දින නළු නිළියන් පිළිබඳව වූවිවිධ පුවත් මැවෙනු ඇත. ඒ ආකාරයෙන් බොහෝ දෙනා පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි. කෙසේවුවත් ළමා නිළියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටි ‘Elle Fanning’ පසුගියදා සිට නැවතත් ඇය ගැන කතාකිරීමට යොමු විණ.ඒ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපටයක් හේතුවෙනි. ඒ 2014 වර්ෂයේදී තිරගතවූ චිත්‍රපටයක් වන ‘Maleficent’චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේදී තිරගත වීමට නියමිතවීමත් සමගිනි. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඇය සහ ඇන්ජලිනා ජොලී රංගනයෙන් දායක වූහ.
මේ වනවිට 21 වැනි වියේ පසුවන ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ ළමා රංගන ශිල්පිනියක් ලෙසයි. ඒ 2001 වර්ෂයේදී තිරගත වූ ‘I Am Sam’ නම් චිත්‍රපටය ඔස්සේය. එතැන් පටන් ඇයගේ සිනමා දිවිය පිළිබඳව බොහෝ දේ කතාකිරීමට තිබේ. ‘Elle Fanning’පිළිබඳව බොහෝ දෙනාගේ මතකයට ගොඩනැගෙන්නේ 2014 වර්ෂයේදී තිරගතවූ චිත්‍රපටයක් නිසා බව කිවයුතුයි. ‘Maleficent’චිත්‍රපටයේ ඇන්ජලිනා ජොලී සමග ඇය රංගනයෙන් දායක වීමත් සමගින් ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයටපත් චරිතයක් වූවාය.
ඇයගේ දෙවැනි චිත්‍රපටය ලෙස 2003 වර්ෂයේ තිරගත වූ ‘Daddy Day Care’ චිත්‍රපටය සඳහා දායක වූවාය. ඉන්පසු 2004 වර්ෂයේදී ‘The Door in the Floor’ නම් චිත්‍රපටය සඳහා දායක වූවාය. ඇයට මුල්කාලය තුළදී අවස්ථාව ලැබුණේ වසරකට එක් චිත්‍රපටයක් සඳහා පමණි. ඒ ආකාරයෙන් සිනමා දිවිය තුළ අඩිතාලමක් සාදාගත් ඇය මේ වනවිට ක්ෂේත්රය තුළ සම්මානලාභී නිළියක් වී හමාරය. 2005 වර්ෂයේ සිට ඇය එක් වසරකට චිත්‍රපට 03 බැගින් දායකත්වය ලබා දී තිබේ. මේ අතරින් ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා අතරටද පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2005 වර්ෂයේ සිට 2016 දක්වා ඇය චිත්‍රපට 36කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දී තිබේ. 2017 වර්ෂයේදී ඇය චිත්‍රපට 4ක් සඳහා දායක වී තිබේ. එමෙන්ම 2018 වසරේදී ඇය චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූවාය. ඒ ‘I Think we’re Alone Now’, ‘Galveston’සහ ‘Teen Spirit’යන චිත්‍රපට තුනයි.
සිනමා දිවිය මෙන්ම පුංචි තිරය තුළ දස්කම් පෑ අයෙකි. 2002 සිට 2007 දක්වා ඇය ටෙලි නිර්මාණයන් සඳහා දායකත්වය ලබා දී තිබේ. 2007 වසරෙන් පසු ඇය පුංචි තිරයට තාවකාලිකව සමුදෙන ලදී. ඇය නැවත පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ ‘HitRecord on TV’ නම් වැඩසටහන සඳහාය. ඒ 2014 වර්ෂයේදීය. එම වැඩසටහනෙන් පසුව ඇය පුංචිතිරය සඳහා සමුදුනි. නැවත ඇය රූපවාහිනි නාට්‍යයක් ඔස්සේ දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ 2020 වසරේදීය. ඇයගේ ජීවිතයේ පළමු ජයග්‍රහණය ලෙස ‘Actress of the Year Award’ සම්මානය හිමිකර ගන්නීය. ඉන්පසු ඇය ‘Hollywood Film Festival’ හිදී ‘Spotlight Award’සම්මානය දිනා ගන්නා ලදී. මේ ආකාරයෙන් ඇයට තම රංගන ක්ෂේත්රය තුළ ඉහළ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව උදා විය. 2019 වසරේදී ඇය රංගනයෙන් දායක වීමට නියමිතව ඇති චිත්‍රපට තුනක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරින් ‘All the Bright Places’, ‘Maleficent : Mistress of Evil’සහ’A Rainy Day in New York’යන චිත්‍රපට තුනයි.
රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් ලෙස කුඩා වයස තුළ ජනප්‍රිත්වයට පත්වීම පිළිබඳව ඇයව බොහෝ දෙනා අගයනු ලබයි. ‘Maleficent : Mistress of Evil’ ඔස්සේ ඇයගේ සුපුරුදු රංගන හැකියාව දැක බලා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.
ඩිලාන් ක්‍රිෂාන්ත