ඇන්ජලිනාට 'ජොලී' බ්‍රැඩ් පිට්ට 'අන් ෆිට්'
නත්තලත්, නව වසරත් උදා වූයේ හොලිවුඩයේ ජනපි‍්‍රය නලූ බ්‍රැඩ් පිට්ගේ දෙනෙතට කඳුළු පුරවමිනි. වෙනදා නත්තල සැමරීමට ඔහු සමඟ සතුට බෙදා හදා ගැනීමට සිටි බිරිඳත් දරුවනුත් ඔහුගෙන් වෙන්ව ගොස් තිබීම ඊට හේතු විය.
මෙවර නත්තලේ දී ඔහුට සිය දරුවන් වෙන 15 හැවිරිදි මැඩොක්ස්, 12 හැවිරිදි පැක්ස්, 11 හැවිරිදි සහරා, 10 හැවිරිදි සිලෝ හා 8 හැවිරිදි වියේ පසුවෙන නිවුන් දරුවන් වන නොක්ස් හා විවියන් හමුවීමට ලැබුණේ ඉතා කෙටි වේලාවකි. අධිකරණය විසින් නම් කළ නිලධාරියෙකුගේ සුපරික්ෂාව යටතේ සිය දරුවන් හමු වූ බ‍්‍රැඞ් ඔවුන්ට තමා ගෙනා තෑගි ලබා දුන්නේය. තෑගි ලබා ගත් දරුවන් නිහ`ඩවම සිය පියාගෙන් සමුගෙන මව ඇන්ජලීනා ජොලී සමගින් එතැනින් ඉවත්ව ගියහ.
ජනපි‍්‍රය නිළි ඇන්ජලීනා ජොලී හා බ‍්‍රැඞ් පිට් යුවල සැලකුණේ හොලිවුඩයේ ශක්තිමත්ම යුවල ලෙසයි. වසර දොළහක කාලයක් ජීවිතය එකට බෙදා හදා ගත් ඔවුන් දෙදෙනා විවාහ වූයේ මීට වසර දෙකකට පමණ පෙරය. එහෙත් පසුගිය සැප්තැම්බරයේ දී තමා බ‍්‍රැඞ් පිට්ගෙන් වෙන්වන බව ඇන්ජලීනා ප්‍රකාශ කළාය. උසාවි නියෝගයක් ලබා ගත් ඇය සිය දරුවන් පස් දෙනා සම`ගින් ඔහුගෙන් වෙන්ව ජීවත්වෙන්නට පටන් ගත්තේ දික්කසාදය ලැබීමටත් පෙර සිටය.
‘‘බ‍්‍රැඞ් ගේ හිත සම්පූර්ණයෙන්ම කැඩිලා.. එයා ඇත්තටම දැන් බි`දිච්ච වීදුරුවක් වගේ තත්වෙට පත් වෙලා ඉන්නේ.. එයා තවමත් ආදරේ කරන එයාගේ බිරි`දගෙන් එයා ප්‍රතික්ෂේප වෙලා.. එයාගේ දරුවෝ එයාට නැති වෙලා..’’ බ්රැඞ්ගේ හිතවතෙකු පවසා ඇත. ‘‘එයා තවමත් දික්කසාදය ගැන හිතන්නේ නෑ.. ඇන්ජලීනා තමන්ගේ තීරණේ වෙනස් කරයි කියලා එයා ම`ග බලාගෙන ඉන්නවා..’’
ඇන්ජලිනා දික්කසාදය ඉල්ලීමට හේතුව වශයෙන් ස`දහන් වූයේ ඔහු සිය දරුවන්ට හො`ද පියෙකු නොවූ බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දික්කසාදය සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරුණි. ඔහු සිය වැඩිමහල් පුතු වන මැඩොක්ස්ට පෞද්ගලික ගුවන් යානයකදි වචනයෙන් හා ශාරීරික වශයෙන් හිරිහැර කිරීමත්, බ‍්‍රැඞ් ප්‍රංශ නිළියක සම`ග සම්බන්ධතාවයක් ඇරඹීමත් හේතුවෙන් ඇන්ජලීනා දික්කසාදය ඉල්ලූ බවට කටකතා ඇති විය. මාසෙට කිහිප වතාවක් පවත්වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයෙන් බ‍්‍රැඞ් සමත් වී ඇති අතර අපචාර චෝදනාවලින් ද නිදහස් වී ඇත. කිසිදු සාධාරණ චෝදනාවක් නොමැතිව ඇන්ජලීනා හදිසියේ වෙනස් වීම සම්බන්ධයෙන් සියලූම දෙනා පුදුමයට පත් ව සිටින අතර බ‍්‍රැඞ් තදබල ලෙස මානසිකව කඩා වැටී ඇතැයි හිතවත්තු පවසති.
‘‘බ‍්‍රැඞ් දැන් අන්තර්ජාලයත් භාවිතා නොකරන තරම්.. ඔහුට තමා සම්බන්ධයෙන් පළවෙන ඕපදූප දැන ගන්න කිසිම ඕනකමක් නෑ.. බ‍්‍රැඞ් මට කිව්වා 2016 කියන්නේ හුඟක් එපා කරපු අවුරුද්දක් 2017ත් එහෙම කර ගන්න ඕනේ නෑ කියලා... ඒ වගේම එය කිව්වා මොන දේ සිද්ද වුණත් මම මගේ දරුවන් වෙනුවෙන් සටන් කරනවා.. එයාලාව මගේ ළ`ගට ගන්න එක මගේ කර ගන්න එකයි මට වුවමනා එකම දේ කියලා.. එයා දැන් හිතන්නේ තමන්ගේ දරුවෝ ගැන විතරයි..’’
පවනි උමයංගනා