ඇඩ්ලේ සම්මානය කැඩුවාට සංවිධානයෙන් චෝදනා
59 වැනි වරටත් පැවැති ග්රැමි සම්මාන උලෙළ් විශේෂ සිදුවීමක් විය. ඒ ඇඩලේ තමන්ට හිමි වූ වසරේ ගීත ඇල්බමය වෙනුවෙන් වූ ග්රැමී සම්මානය වේදිකාව මත දී භාරගෙන එය දෙකට කඩා දෑතට ගෙන, මේ සම්මානය හිමි විය යුත්තේ බෙයොන්සේට යැයි පැවසුවේ ප්රේක්ෂකාගාරය පුදුමයට පත් කරවූ සිදුවීමයි.
මෙහිදී වැඩිම සම්මාන ගණනක් දිනා ගත්තේ සුපිරි ගායිකා ඇඩලේයි. 2016 වසරේ ගීත ඇල්බමය ලෙස සම්මාන ලැබුවේ ඇගේ ගීත ඇතුළත් ‘ට්වෙන්ටි ෆයිව්’ නම් වූ ගීත එකතුවයි. වසරේ හොඳම ගීතය ලෙස ද සම්මානය දිනා ගත්තේ ඇය ගැයූ ‘හෙලෝ’ නම් වූ ගීතයයි. වසරේ හොඳම පොප් ඇල්බමය වූයේ ද ඇඩලේ ගී ගැයූ ‘ට්වෙන්ටි ෆයිව්’. වසරේ හොඳම පොප් ගීතය මුසු වූ ඒකල ඉදිරිපත් කිරීම ලෙස සම්මාන දිනුවේ ද ඇගේ ‘හෙලෝ’ ගීතයයි. බොහෝ දෙනෙකු විශ්වාස කළේ තවත් සුපිරි ගායිකාවක වන බෙයොන්සේ වැඩි සම්මාන ගණනක් දිනා ගනු ඇති බවයි. එහෙත් ඇයට හිමි වූයේ ඇගේ ‘ලෙමනේඩ්’ නම් වූ ගීත එකතුව වෙනුවෙන් හොඳම සමකාලීන ගිත ඇල්බමයට හිමි වන සම්මානය පමණයි.