ආශින්ටත් ගැහුණු දරුවෙක්
ජනප්‍රිය කොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ආශින් තොට්ටුමුකුල් පසුගියදා සිය කුලුඳුල් දරුවා බිහි කර ඇත. ඒ පසුගිය ඔක්තෝබර් 24 වැනිදා මුම්බායි හි ලීලාවතී පෞද්ගලික රෝහලේදීය.
පසුගිය කාලයේ සිනමාවෙන් ඇත්ව සිටි ආශින් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වූයේ 2015 වසරේ තිරගත වූ උමේෂ් සුක්ලාගේ ‘ඕල් ඊස් වෙල්’ චිත්‍රපටයේය. එය වියදම් වු මුදලද සොයා ගැනීමට නොහැකිවූ අසාර්ථක චිත්‍රපටයක් විය. කෙසේ වෙතත්, ආශින්ට දරුවෙකු ලැබීමට නියමිත බව මාධ්‍ය හරහා වාර්තා නොවුණ අතර, අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් නිල නොලත් පුවතක් ලෙස පමණක් එය කිහිප වරක් වාර්තා වී තිබුණි.
දරුවා ලැබුණ ඔක්තෝබර් 24 වැනිදා දිනයේදී ආශින් හා දරුවා මුල්වරට බලන්නට පැමිණ ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් බව සඳහන් වේ. එමෙන්ම දමිළ හා හින්දි සිනමා නළු නිළියන් කිහිප දෙනෙකු පෞද්ගලික මට්ටමින් ඇයට කෙටි පණිවිඩ යවා සුබපතා තිබුණි.