ආශා බොස්ලිත් ඉටිරුවක් වෙයි
ලතා මංගේෂ්කාර්ට පසුව ඉන්දියාවේ වැඩිම පිරිසක් ආදරය කළ ගීත ගායිකාවක් ලෙස ආශා බොස්ලේ හැඳින්විය හැකිය. මේ වනවිට හින්දි, දමිල භාෂා ඇතුළු භාෂා කිහිපයකින්ම ගීත හත්දහසකට අධික ප්‍රමාණයක් ආශා විසින් ගායනා කර තිබේ. එය ඔහුගේ සොහොයුරිය වූ ලතා මංගේෂ්කාර්ට පසුව වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළ ඉන්දීය ගායිකාවද වන්නීය.
මේ දිනවල ආශාගේ රුවට සමාන ඉටිරුවක් නිර්මාණය වෙමින් පවතියි. ඒ මැලේසියාවේ පැවැත්වෙන ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරය සදහාය. මීට පෙර ඉන්දීය සිනමා නළුනිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දේශපාලඥයින් මෙම කෞතුගාරයේ ඉටි පිළිබම ලෙස නිර්මාණය වුවද ගායිකාවක් ලෙස ආශා බොස්ලේ පළමු වරට මෙහි ඉටිරුවක් බවට පත් වීම විශේෂත්වයක් වන්නීය.