ආලියාටත් මිලියන 10ක රසික පිරිසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-25-ent-05

‘උදිත් පන්ජාබ්’ චිත්‍රපටය හරහා මේ වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය දිනාගත් ආලියා භාට් පිළිබඳව මේ දිනවල වැඩි පිරිසක් කතා බහ කරන්නට පෙළෙඹ සිටියි. එයට හේතුව වී ඇත්තේ ඇයගේ ‘ට්විටර්’ ගිණුමට මිලියන 10ක රසික පිරිසක් එක්ව සිටීමය.

ඇයට ඉදිරියෙන් දිපීකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, සෝනම් කපූර් හා සොනක්ෂි සිංහා වැඩි ‘ට්විටර්’ රසික පිරිසක් සිටින අනෙකුත් බොලිවුඩ් සිනමා නිළියන් වී තිබේ. බොලිවුඩ් සිනමා නළුවන් අතරින් වැඩිම ‘ට්විටර්’ රසික පිරිසක් සිටින්නේ අම්තාබ් බච්චන්ටය. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් හා අමීර් ඛාන් ඉන්පසුව වැඩි ‘ට්විටර්’ රසික පිරිසක් සිටින බොලිවුඩ් සිනමා නළුවන් වේ.

මේ ඇය පසුගියදා සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කළ වැකියකි

Goodnight all you beautiful people!!!! Thank you for the 10 million love Have to be up early for shoot but off to bed with all your love! pic.twitter.com/w1KhFPbgJv

— Alia Bhatt (@aliaa08) January 21, 2017

 

2017-01-25-ent-06