ආලියාට තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාව තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන සිනමා නිළියක් බවට වර්තමානයේ පත්ව ඇති සුරූපි ආලියා භාට්ට මේ වනවිට තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්විමට ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ.

ඇය ‘කොවිඩ්’ වසංගතය ඉන්දියාව තුළ උග්‍ර අතට හැරෙන්නට පෙර රූපගත කළ රාජ්මෞලිගේ අලුත්ම දකුණු ඉන්දීය චිත්‍රපටය සඳහාද එක් විය. මේ වනවිට ඇයට එක්විමට ලැබි ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ශංකර් විසින් නිර්මණය කරන අලුත්ම චිත්‍රපටය සඳහාය. ඇය එහි රංගනයෙන් දායක වන්නේ රාජ්මෞලිගේ චිත්‍රපටයේද ඇය සමග පෙනී සිටින තෙළෙඟු සිනමා නළු රාම් චරන් බව දැන ගැනීමට ලැබේ.   

20210604Laila (1) 20210604Laila (2)