ආලියාගේ විවාහය කවදා සිදුවෙයිද?
අවස්ථා කිහිපයකදීම මේ වසරේදී සිය විවාහයේ සිදුවන බවට දින නියම කළ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට්ගේ විවාහය කවදා කෙදිනක සිදුවනවාද යන්න තවමත් නිශ්චිතව වාර්තා නොවේ. සිය පෙම්වතා වූ සිනමා නළු රන්බීර් කපූර්ගේ පියා රිෂි කපූර්ගේ හදිසි වියෝව නිසාවෙන් මෙම විවාහය කිහිප වරක් කල් දමන්නට ආලියා හා රන්බීර්ට සිදුවිය.
වසරකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රිෂි ‘කොවිඩ් 19’ වෛයිසරය ලොවපුරා ව්‍යාප්තය ආරම්භ වෙමින් තිබු අවදියක හදිසියේම ජිවීතක්ෂයට පත් විය. කපූර් පවුලෙන් මෙන්ම භාට් පවුලෙන්ද වාර්තා වන්නේ ආලියා, රන්බීර් නුදුරේම විවාහ වීමට සූදානමින් සිටින බවය.