ආලියාගේ විවාහය 2020දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-25-ent-28

ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර්ගේ වර්තමාන පෙම්වතිය බවට පත්ව සිටින සුපිරි බොලිවුඩ් නිළි ආලියා භාට් තමාගේ විවාහය 2020 වසර තෙක් කල් දැමීමට බලාපොරොත්තුවෙන බව බොලිවුඩ් සිනමා වෙබ් අඩවියකට පවසා ඇත.

මේ වන විට ඉතා හොඳ ක්ලාත්මක නිර්මාණ කිහිපයකටම දායක වන්නට අවස්ථාව උදා කරගත් ආලියා ඉදිරියේදී තමාගේ සිනමා දිවියේ තව තවත් ඉහළ මට්ටමකට ළං විය හැකි චිත්‍රපට කිහිපයක් සඳහාද එක්වීමටද අවස්ථාව ලැබුණ බව ඇය පවසා සිටියි.

‘දැන් මම ඉන්නේ මගේ සිනමා දිවියේ උපරිම තැන. ඉදිරියේදී මා දායක වුණ චිත්‍රපට බොහෝමයක් තව ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. සමහරවිට ඒ චිත්‍රපට චරිත හරහා මගේ වටිනාකම තව තවත් ඉහළ යා හැකි. ඒ නිසා මගේ විවාහය ඒ වෙනුවෙන් ටික කාලයකට කල් දමනවා. 2020 වසර ඒකට හොඳම කාලය කියලා මම හිතනවා.’