ආලියාගේ උපන්දිනයේ විශේෂ අමුත්තා
ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට්ගේ 25 වැනි උපන්දිනය පසුගිය මාර්තු 15 වැනිදාට යෙදි තිබුණි. සිනමා නළුනිළියන් මෙන්ම සමිපතම මිතුරු මිතුරියන් රැසක් ආලියාගේ මෙම උපන්දිනය සාදයට එක්ව සිටි බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ආලියාගේ මෙම උපන්දින සාදයේ විශේෂ ආරාධිතයා වි තිබුණේ රන්බීර් කපූර් හා ඔහුගේ මව නෙතු සිං දෙදෙනාය. ආලියාට ඔවුන්ගෙන් විශේෂිත වූ තැගි බොහෝමයක්ද ලැබුණ බව සඳහන් විය. දිපීකා මෙන්ම කත්රිනා, ආලියාගේ 25 වැනි උපන්දිනයට සහභාගි නොවුණ නමුදු ඔවුන් ඇය වෙනුවෙන් සුබපැතුම් එක්කොට තිබුණ බව සඳහන් විය.