ආලියා හා සිද්ධාර්ත් සැබෑ කතාව
ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා දෙදෙනා පෙම්වතුන් නොවන බව පසුගිය කාලයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ කාරණයක්. කෙසේ වෙතත් පසුගිය සති අන්තයේ යෙදී තිබුණ ෂාහිඩ් කපූර්ගේ උපන්දිනය වෙනුවෙන් පැවති රාත්‍රි සාදය සඳහා ඔවුන් දෙදෙනා සහභාගීවී තිබුණා.
එහිදී ගත් ඡායාරූප රැසක් මේ වනවිට අන්තර්ජාලය තුළ පළව තිබෙන අතර, ඉන් සඳහන් වන්නේ තවමත් ආලියා හා සිද්ධාර්ත් දෙදෙනාගේ ප්‍රේම කතාව සැබෑවටම පවතින බවයි. පසුගිය කාලයේ ආලියා සිද්ධාර්ත්ගෙන් වෙන්වූ බවත් ඇය වරූන් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවතින බවත් තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත්, ෂාහිඩ්ගේ උපන්දිනයට වරූන්ද සිය සැබෑ පෙම්වතිය නටාෂා දලාල් සමගින් එක්ව සිටි බව ඡායාරූපවල දැක්වුණා.