ආලියා සහ රන්බීර්ගේ විවාහ 2019දී?
රන්බීර් කපූර් සහ ආලියා භාත්ගේ පෙම් සබඳතාවය පිළිබඳව බොහෝ දෙනා දන්නා කාරණාවක්. පසුගියදා මුම්බායි හිදී පැවැති Lux Golden Rose Awards 2018 හිදි ආලියා භාත් මේ කාරණාව පිළිබඳව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූවා. එමෙන්ම ඇය සහ රන්බීර්ගේ විවාහ පිළිබඳවත් ඇය පවසා සිටියා. එහිදී ඇය බොලිවුඩයේ විවාහ වූ සහෝදර ශිල්පීන්ට සුබ පැතුම් එක් කරනු ලැබූ අතර, රන්බීර් - ආලියා විවාහ ලබන වසරේදී සිදුවීමට නියමිත බවත් ඇය පවසා සිටියා.