ආලියා, රන්වීර් දෙවැනි වරටත් හොඳම නළුනිළියන් වෙයි
65 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළලේදී හොඳම නළුවා හා නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූයේ රන්වීර් සිං හා ආලියා භාට් දෙදෙනාය. ඔවුන් දෙදෙනාම ‘Gully Boy’ චිත්රපටයේ කළ රංගනය උදෙසා මෙම සම්මානයට හිමිකම් ඛීම විශේෂත්වයකි.
මීට පෙරද රන්වීර් හා ආලියා හොඳම නළුවා හා නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී සම්මානයට පාත්ර වී ඇත. රන්වීර් 2015 වසරේ තිරගත වූ ‘බජිරාඕ මස්තානි’ චිත්රපටය හරහාද ආලියා 2018 වසරේ තිරගත වූ ‘රාෂි’ චිත්රපටය හරාහද මෙසේ හොඳම නළුවා හා නිළිය ලෙස සම්මාන දිනාගත්හ.