ආලියා, රන්බීර් නැවතත් කරළියට
පසුගිය කාලයේ ආලියා හා රන්බීර් දෙදෙනා විරසකව සිටින බවට තොරතුරු වාර්තා වූවද ඒ සියලු කට කතා බොරුවක් බවට පත් කරමින් ඔවුන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර මුම්බායි ගුවන් තොටුපොළේදී එකට සිටිනු දක්නට ලැබුණි. වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා පෞද්ගලික සංචාරයක් සඳහා එක්වීමට මෙසේ මුම්බායි ගුවන් තොටුපොළට පැමිණි සිටි බවය.
මෙම විදෙස් ගමනින් පසුව රන්බීර්, ලව් රන්ජන්ගේ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාද, ආලියා සංජය බන්සාලිගේ ‘ගංගුබායි’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාද එක්වීමට නියමිතව ඇත. එමෙන්ම රන්බිර් හා ආලියා පළමු වතාවට සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටින ‘බ්රහ්මස්ත්රා’ චිත්රපටය ලබන වසරේ මුලදී ප්රදර්ශනය වීමට නියමිතව තිබේ.