ආලියා , රන්බීර් පවුලත් එක්ක
පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ ජනප්‍රියතම සඟරාවක වන GQ සඟරාව සමග එක්වෙමින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර් තමා හා ආලියා අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට පැවසීමත් සමග මේ දිනවල ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ එකට පෙනී සිටින බව සඳහන් වේ.
පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි ජනප්‍රිය හා ප්‍රසිද්ධ අවන්හලක රාත්‍රි භෝජන සංග්‍රහයකට ආලියා එක්වූ අතර, ඒ රන්බීර්ගේ පවුලේ අය සමගය. මෙම භෝජන සංග්‍රහයට රන්බීර්ගේ පියා රිෂි කපූර් සහභාගි නොවුනද රන්බීර්ගේ මව නෙතු සිං මෙන්ම ඔහුගේ සොහොයුරිය රිද්මා කපූර් හා ඇයගේ දියණිය මෙන්ම රන්බීර් සමගින් ඔහුගේ ඥාතින් කිහිප දෙනෙකුද මේ සඳහා සහභාගි වි සිටියහ. කෙසේ වෙතත්, මෙම සිදුවීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ආලියා සිය ඡායාරූප ගැනීමට අකමැත්ත පළකළ බවද සඳහන් විය.