ආලියා, රන්බීර් පෙම්වතුන්ද?
බොලිවුඩයේ ජනප්‍රිය නළුනිළි යුවළක් වන ආලියා භාට් හා රන්බීර් කපූර් දෙදෙනා පෙම්වතුන් බව ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා පෙනි සිටින අයන් මුඛර්ජිගේ ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටය සඳහා අමතර ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් මෙසේඔවුන් දෙදෙනා පෙම්වතුන් බව අගවන බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුරදී රන්බීර්ගේ මව නෙතු සිං ආලියාගේ උපන්දින සාදය සැමරීම මෙන්ම ඇය අනතුරට ලක්වූ අවස්ථාවේදී ඔවුන් වහාම ක්‍රියාත්මක වෙමින් ඇයව පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීම මෙන්ම රූපගත කිරීම් කටයුතු අත්හැර නැවතත් ආලියාව ඉන්දීයාවට ගෙන ඒමට කටයුතු කිරීම හරහා කපූර් පවුල සමගින් ආලියා යම් සම්බන්ධකමක් පවතින බවට මේ වනවිට රාවයක්ද බොලිවුඩය පුරා පැතිරේ.