ආලියා, රන්බිර් විවාහයට දින නියම වෙයි
වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව ඇත. ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබේ. කපූර් පවුලෙන් වාර්තා වන්නේ මෙය ඉතා සුබ නැකත් දිනයක් බවය.