ආලියා භාට්ගේ වාසනාව
ආලියා භාට් හා වරූන් ධාවන් ප්රධාන චරිත නිරූපණය කරන ‘බද්රිනාත් කී දුල්හානියා’ චිත්රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් චිත්රපට දර්ශකයේ පෙරළියක් කිරීමට සමත්ව තිබෙනවා. පසුගිය මාර්තු 10 වැනිදා තිරගත වූ මෙම චිත්රපටය මේ වනවිට සිය වියදම් වු මුදල සොයා ගැනීමට සමත්ව තිබෙනවා. සිනමා විචාරකයන් පවසන්නේ, මෙම චිත්රපටය අති සාර්ථකවීම හරහා ආලියාගේ වාසනාව උදාවී ඇති බවයි. ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්රපට ත්රිත්වයම අති සාර්ථක ඒවා බවට පත්වුණා. ‘කපූර් ඇන්ඩ් සන්ස්’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 152ක මුදලක් උපයාගත් අතර, ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්ර වූ ‘උද්තා පන්ජාබ්’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 97ක මුදලක් උපයා ගැනීමට සමත්වුණා. දැනට තිරගත වෙන ‘බද්රිනාත් කි දුල්හානියා’ චිත්රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රූපියල් කෝටි 13ක මුදලක් උපයාගෙන තිබෙනවා.