ආලියා ප්‍රතික්ෂේප කළ 'සහෝ'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-06-ent-24

මේ වනවිට රූපගත කෙරෙමින් පවතින සුජේත්ගේ ‘සහෝ’ චිත්‍රපටය සඳහා ශ්‍රද්ධා කපූර්ට පෙර මුලින්ම තෝරා ගෙන තිබුණේ ආලියා බාට් බව වාර්තා වෙනවා. චිත්‍රපටය කිහිපයකටම සම්බන්ධ වී සිටි නිසාවෙන් ‘සහෝ’ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළ බව ආලියා පවසා තිබෙනවා.

‘සහෝ’ යනු ඉන්දියාවේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට අතරට එක්වූ ‘බාහුබලි’ චිත්‍රපටහි රඟපෑ ප්‍රභාහස්ගේ මංගල බොලිවුඩ් චිත්‍රපටයයි. මේ වනවිට මෙහි රූපගත කිරීම් සිදුවෙමින් පවතින අතර, චිත්‍රපටය හින්දි, දමිළ, තෙළෙඟු හා ඉංග්‍රීසි බසින් 2018 වසරේ පෙබරවාරි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.