ආලියා එක්වෙන බව කී බන්සාලිගේ චිත්‍රපටය ප්‍රමාදයි
වෙනස්ම ආරේ චිත්‍රපට නිර්මාණය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටින සංජේ ලීලා බන්සලි පසුගිය කාලයේ දැඩි ලෙස කතා බහට ලක්වූයේ ඔහු විසින් නිර්මාණය කරන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය සඳහා සල්මාන් ඛාන් හා ආලියා භාට් එක්වෙන බවට තොරතුරු සැළවීමත් සමගය. පසුව පෞද්ගලික හේතුවක් මත සල්මාන්, බන්සාලිගේ චිත්‍රපටයෙන් ඉවත් වූ අතර, බන්සාලි සූරූපි ආලියා සමග වෙනත් නළුවෙකු ආදේශ කර චිත්‍රපටය නිර්මාණය කරන්නට සූදානම් බව පැවසූහ.
එහෙත්, දැනට වසරක කාලයක් ගෙවුණද මෙම චිත්‍රපටය පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යය වාර්තා කරන්නට අසමත්ව ඇති අතර, ආලියා පවසන්නේ මෙම ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට ප්‍රමාදව ඇති බවය.