ආලියා ආයෙමත් ඉස්කෝලෙ ගිහින්
පාසැල් ජීවිතයෙන් සමු ගෙන බොහෝ කාලයකට පසුව නැවත පාසැලට යාම බොහෝ සුන්දර අත්දැකීමකි. පැරණි මිතුරු මිතුරියන් හමු වී පැරණි මතකයන් අලූත් කර ගන්නට ලැබෙන ඒ අවස්ථාව කවදාවත් කවුරුවත් ම`ග හැර නොගන්නේ එම නිසාය. මේ ළ`ගදී දිනයෙක ආලියා භාත් සහ ඇගේ හො`දම මිතුරා වන චිත්‍රපටි අධ්යක්ෂ අයාන් මුඛර්ජි ඔවුන්ගේ පැරණි පාසැලට ගියේ ආදි විද්‍යාර්ථින්ගේ හමුවකට සහභාගි වීම පිණිසය. ඔවුන් දෙදෙනාම ඉගෙනුම ලබා ඇත්තේ මුම්බායිහි ජම්නාබායි නාර්සී පාසැලේය.
‘‘සමහර වෙලාවට ආයෙ සැරයක් ඉස්කෝලෙට යනවා තරම් හො`ද දෙයක් තවත් නෑ කියලා හිතෙනවා..’’
අයාන් සම`ග ගත් ඡුායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවිවල පළ කරමින් ඇය සටහන් කර තිබිණි. ඒ ඡුායාරූපවල ඇය සිටින්නේ පුදුමාකාර සතුටකිනි.
ඇය ඊ ළ`ගට දකින්නට ලැබෙන්නේ අයාන් මුඛර්ජිගේ බ්රහ්මස්ත්ර චිත්‍රපටියෙනි. මෙහි රන්බීර් කපූර් සහ අමිතාබ් බච්චන් ද රග පාන්නේය. අයාන් මුඛර්ජි බොහෝ බලාපොරොත්තු ඇතිව නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටිය 2020 ගිම්හාන සමයේදී තිරගත වෙන්නට නියමිතය.