ආර්යා, සයේෂා විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-208

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා තරු යුවළක් වන ආර්යා හා සයේෂා පසුගිය පෙබරවාරි 14 වැනිදා යෙදී තිබුණ ආදරවන්තයන්ගේ දිනයේදී විවාහ ගිවිස ගනු ලැබීය. මේ දිනවල ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැත්වෙමින් තිබෙන අබව සඳහන් වේ. පසුගිය සති අගදී ආර්යා හා සයිෂාගේ සංගීත් දිනය යෙදි තිබුණ අතර. ඒ සඳහා ඉන්දීය සුපිරි නළුනිළියන් රැසක් සහභාගි වී තිබුණි.

ආර්යා හා සයේෂා පෙම්වතුන් වී ඇත්තේ පසුගිය වසරේදි වන අතර, ඒ ඔවුන් දෙදෙනා රඟපෑ ‘ගජිනිකාන්ත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුරදීය. සයේසා යනු හින්දි සිනමා නළු දිලිප් කුමාර් හා සාරා බානුගේ මිණිපිරිය වේ. ආර්යා යනු මේ දිනවල දකුණු ඉන්දීය සිනමාවේ බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වේ.