ආර්යා බෙනර්ජි ගේ මරණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩර්ටි පික්චර් චිත්‍රපටියේ රඟ පෑ බෙංගාලි නිළිය ආර්යා බෙනර්ජි පසුගිය දෙසැම්බර් මාසයේ සිය නිවස තුළ මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ. 
ඇය වාසය කළේ දකුණු කල්කටාවේ සුඛෝපභෝගී නිවසකය. ඇගේ උදව්වට එන සේවිකාව කිහිප වරක් දොර සීනුව නාද කළත්, දුරකථන ඇමතුම් දුන්නත් පිළිතුරක් නොවූ නිසා ඇය ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කර තිබේ. ඔවුන්ගේ දැනුම් දීමකට අනුව පොලීසියෙන් පැමිණ ගෙයි දොර කඩා බලද්දී නිදන කාමරය තුළ ඇගේ මළ සිරුර දැක ගන්නට හැකි වී තිබේ. ඔවුන් විසින් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ද, කාමරයේ වූ යම් යම් දේවල් රස පරීක්ෂණ සඳහා ද ගෙන ගිය බැව් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබිණි. 
“ඇය වාසය කළ ජෝද්පූර් පාර්ක් නිවස ඇතුළෙන් අගුළු දාලා වහලා තිබුණේ.. අපි ප්‍රධාන දොර කඩලා ඇතුළට ගියා.. දෙවෙනි මහලේ නිදන කාමරේ ඇය වැටිලා හිටියා.. ඇගේ නාසයෙන් කටින් ලේ වහනය වෙලා.. වමනෙත් ගිහින් තිබුණා.. අපි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා..” පොලිස් නිලධාරියක් පවසා තිබිණි.
ප්‍රවීන සිතාර් වාදන ශිල්පියෙකුව සිට මිය ගිය නිඛිල් බෙනර්ජි ගේ දියණිය වන ඇය මිය යන විට 33 වියේ පසු වූවාය.  ලව්, සෙක්ස් ඕර් ධෝඛා චිත්‍රපටියේ ද ඇය රඟ පා තිබිණි. ඇය රංගනයට මෙන්ම නර්තනයට ද එක ලෙස දක්ෂ නිළියක ලෙසින් ජනප්‍රියව සිටියාය. ඇගේ මරණය සැකසහිත බැව් බොහෝ දෙනෙක් කියති. 

චන්දි කොඩිකාර

20210110Arya-1 20210110Arya-2