ආර්නොල්ඩ්ගේ දියණිය එක්ක විවාහ වුනු ක්‍රිස් ගේ ආදර කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-860

හොලිවුඩ් සුපිරි නළුවෙකුගේ විවාහයක් පිළිබඳව මේ දිනවල යම් කිසි කතාබහක් ඇති ව තිබෙනවා. ඒ හොලිවුඩ් නළු ක්‍රිස් ප්‍රැට් පිළිබඳව ඔහුගේ ආදර කතාව වෙනස් ආදර කතාවකි. ඔහුගේ අතිනත ගනු ලබන්නේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ආර්නෝල්ඩ්ගේ දියණිය වන කැතරින් ස්වාසර්නේගර් සමගිනි. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් තම සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් විවාහ වූ බව සඳහන් කරයි. කැතරින් සහ ක්‍රිස්ගේ පෙම් සම්බන්ධතාව බොහෝ කාලයක් පැවති ඇති නමුත් එම පෙම පිළිබඳව බොහෝ දෙනා දැන ගනු ලැබුවේ පසුගිය කාලයේ එළිදැක්වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන Avengers Endgame චිත්‍රපටය මගිනි. එම චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඔවුන් දෙපල එකට සහභාගී වි සිටින ලදී. එහිදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයක් ඇති බවට බොහෝ දෙනා දැන ගන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ. මොවුන් දෙදෙනා හොර රහසින්ම විවාහ ගිවිස ගෙන තිබේ. ඒ මෙම වසරේ ජනවාරි 16 වැනිදාය. ක්‍රිස් සහ කැතරින් වැළඳගෙන සිටින ඡායාරූපක් ක්‍රිස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට දැක ගැනීමට හැකියාව තිබේ. එම ඡායාරූපයේ ඇය පැලැඳ සිටින මුදුව ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැලැඳු මුදුවක් බව මේවනවිට බොහෝදෙනා පවසයි. මේ කාරණාව සත්‍යය බවද පසුගියදා ක්‍රිස් තම ඉන්ස්ටග්‍රෑම් ගිනුම ඔස්සේ පවසා තිබේ. 2018 වසරේදී ක්‍රිස්ගේ උපන්දිනය වෙනුවෙන් ස්ප්‍රයිස් සාදයක්ද ක්‍රිස් සූදානම් කර තිබේ. එම ඡායාරූපද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර නමුත් බොහෝ දෙනා පවසනු ලබන්නේ ඔවුන් දෙදෙනාගේ පෙමක් පිළිබඳව කරුණු අනාවරණය නොවනු බවයි. එයට හේතුව වන්නේ ක්‍රිස් සහ කැතරින්ගේ පියා වන ආර්නොල්ඩ් ස්වාසර්නේගර් අතර තිබූ දැන හැඳින ගැනීමයි. පවුලේ හිතවතෙකු ලෙස ක්‍රිස් ස්වාසර්නේගර් පවුල සමග කාලය ගත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ කාරණාව හේතුවෙන් කැතරින් සමගින් කිසිඳු පෙම් හබයක් ඇති කර ගත් සැකය කාටත් ඉස්මතු නොවුන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මොවුන් දෙදෙනාගේ ආදරය ආරම්භ වන්නේ එක් චිත්‍රපටයක් හේතුවෙනි. ඒ ක්‍රිස් රංගනයෙන් දායක වූ Jurassic World: Fallen Kingdom චිත්‍රපටයේ මංගල දර්ශනයේදීය. ක්‍රිස්ගේ හිතවතෙකු සහ තම ක්ෂේත්‍රය තුළ ප්‍රවිණයෙකු වූ ආර්නොල්ඩ් මේ මංගල දර්ශනය සඳහා පැමිණියේ තම දියණිය සහ බිරිඳ සමගිනි. එහිදී කැතරින්ගේ මව වන මරියා ස්ට්‍රිවර් විසින් ක්‍රිස්ට තම දියණිය යෝජනා කල බව පැවසේ. එතැන් පටන් කැතරින් සහ ක්‍රිස්ගේ පෙම් සම්බන්ධතාව ආරම්භ වූ බව සඳහන් වෙයි. ක්‍රිස් මීට පෙර විවාහ වී සිටි අයෙකි. ඔහු ඇනා ෆැරිස් සමගින් 2009 වසරේදී විවිහ වී තිබුණි. ඔවුන් දෙදෙනා දික්කසාද වී ඇත්තේ 2018 වසරේදීය. 2017 වසරේ සිට මොවුන් දෙදෙනා වෙන් වෙන්ව වශයෙන් ජීවත් වූ බවත් සඳහන් වෙයි. 2018 මැයි මාසයේ එළිදැක්වූ Jurassic World: Fallen Kingdom චිත්‍රපටයෙන් පසුව ඔවුන් දෙදෙනාගේ ආදර කතන්දරය ආරම්භ වුණි.

39 හැවිදිරි ක්‍රිස් සහ 29 හැවිරිදි කැතරින් එකතු වූ 2018 පියවරුන්ගේ දිනයේදී කැතරින්ගේ පියා වන ආර්නෝල්ඩ්ව පුදුම කර තිබේ. පවුලේ විනෝද ගමන් සඳහා මොවුන් දෙදෙනා එක්ව සහභාගී වී තිබෙන බවත් පැවසේ. කිස්ගේ පලමු බිරිඳගෙන් අවුරුදු පහක වයසැති පුතෙකු සිටියි. ක්‍රිස් තම පෙම්වතියව සිටි කැතරින් සහ තම පුතු සමගද කාලය ගත කර බව පැවසේ. එමෙන්ම ක්‍රිස්ගේ පුතුව කිහිප අවස්ථාවකදීම කැතරින් මුණගැසුනු බවත් සඳහන් වෙයි. එම මුණ ගැසීම් වලින් පසුව ක්‍රිස්ගේ පුතු සහ කැතරින් අතර විශාල සම්බන්ධතාවයක් හට ගත් බව ක්‍රිස්ගේ පලමු බිරිඳ වන ඇනා ෆරිස් පවසා තිබේ. 2018 අගෝස්තු මාසයේදී ක්‍රිස්ගේ පවුලේ හිතවතුන් සහ කැතරින්ගේ පවුලේ හිතවතුන් එක්ව කැතරින්ගේ සහෝදරයාගේ නිවසේ රාත්‍රී සාදයක්ද පවත්වා තිබේ. 2019 වසරේ ජනවාරි මාසයේදී ක්‍රිස් විසින් සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ මෙම පෙම් සබඳතාව පිළිබඳව පවසා තිබේ. එහිදී ඔහුගේ අනාගත සැලසුම් පිළිබඳව විමසීමේදී ඔහු පවසා තිබෙන්නේ, තමන් සහ කැතරින් එක්ව තම දෙපලගේ අනාගත සුන්දර කර ගැනීමට වෙහෙසෙන බවයි. එමෙන්ම දරුවන් පිලිබඳව ඇසීමේදී ක්‍රිස් පවසා ඇත්තේ අනාගතයේදී දරුවන් ගොඩක් පිළිබඳව බලාපොරොත්තුවෙන් තම දෙදෙනා සිටින බව සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටක් ක්‍රිස් පවසා ඇත්තේ බොහෝ දෙනෙකු ආදර සම්බන්ධතා ආරම්භ කර විවාහ දිවිය දක්වා පැමිණෙ බවයි. නමුත් ඇතැම් විට විවාහයේදී තම තමන්ගේ ජීවිත ගෙවෙනා ආකාර පිළිබඳව පැහැදීමක් නැති නම් ඔවුන් දෙදෙනා කතා කොට තීරණය ගෙන වෙන් වීම ඒ දෙදෙනාටම යෝග්‍ය බවයි ක්‍රිස්ගේ අදහස වන්නේ. කෙසේ වුවත් ක්‍රිස් සහ කැතරින් එක්ව අරඹන මේ නව යුග දිවිය වෙනුවෙන් බොහෝ අය සුබ පතා ඇති අතර, ඔවුන් දෙදෙනා එක්ව අරඹන මේ ගමන බොහෝ ආශිර්වාද ලැබෙනු ඇති බව මොවුන් දෙදෙනාට ආදරය කරන අය පවසයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-05-27-ent-858 2019-05-27-ent-859