ආර්නොල්ඩ් Terminator – Dark Fate සමග ආදායම් වාර්ත බිඳ දැනීමට සූදානම්?
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රියකරන සිනමා රසිකයින්ට Arnold Schwarzenegger කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1980, 1990 දශක වල ඔහු අතිශය ජනප්‍රිය චරිතයක්ව සිටියා. විශේෂයෙන්ම ක්‍රියාදාම චිත්‍රපට චරිත වලින් ඔහු නිතර දකින්න ලැබුනා.
1984 වසරේ නිර්මාණය වුනු Terminator චිත්‍රපටයේ James Cameron රචනා කළ චරිතයට ඔහු රංගනයෙන් දායක වුනා. ක්‍රියාදාම සිනමාවේ මේ චිත්‍රපටය ඉතා ඉහළ ජනප්‍රසාදයක් හිමිකර ගත්තා. 1991 වසරේ Terminator 02 – Judgment Day චිත්‍රපටයත්, 2003 වසරේ Terminator 03 – Rise of the Machines චිත්‍රපටයත්, ඊට පසු 2009 වසරේ Terminator Salvation සහ 2015 වසරේ Terminator Genisys චිත්‍රපටයත් නිර්මාණය කෙරුනා. මේ චිත්‍රපට මාලාවේ හයවැනි චිත්‍රපටය ලෙස Terminator 06 – Dark Fate මේ වනවිට තිරගත වෙමින් ආදායම් වාර්තා සඳහා කෙමින් කෙමින් ලං වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඇ.ඩො. මිලියන 185 වියදමක් දරා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය මේ වනවිට ඇ.ඩො.මිලියන 249.5 ක ආදායමක් උපයා තිබේ.