ආර්ත් යළි නිර්මාණය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහේෂ් භාත් විසින් පළමුවෙන් නිර්මාණය කරන ලද ආර්ත් චිත්‍රපටිය අලුත් නිර්මාණයක් ලෙසින් නිෂ්පාදනය කරන්නට අජේ කපූර් සහ ශරත්චන්ද්‍ර සුදානම් වෙති. මෙහි කුල්භූෂණ් කර්බන්දාගේ චරිතය රඟ පාන්නට තෝරාගෙන ඇත්තේ බොබී ඩියෝල්ය. 
“ක්ෂේත්‍රයේ එහෙම කතාවක් පැතිරිලා තියෙනවා තමයි.. ඒත් මම තවම ගිවිසුම් අත්සන් කරලා නෑ..” බොබී ප්‍රකාශ කර තිබිණි. 
මෙහි ප්‍රධාන කාන්තා චරිත සඳහා යෝජනා වී ඇත්තේ ස්වාරා භාස්කර් සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ය. එහෙත් තවමත් ඔවුන් දෙදෙනා අතරින් කෙනෙකු ස්ථිර කරගෙන නැත. නිෂ්පාදකයන් විසින් මුලින්ම තෝරා ගනු ලැබ තිබුණේ තාප්සී පන්නුය. එහෙත් කාර්යබහුල බව කියමින් ඇය ආරාධනාව ප්‍රතික්ෂේප කළාය. 
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ එහි මලයාලම් නිෂ්පාදනයේ ෂබානා අස්මිගේ චරිතය රඟ පෑ රේවතීය. 
“ඉතින් මේ නිෂ්පාදනයේත් ඔබටම රඟ පාන්න තිබ්බනෙ.. ඇයි වෙන නිළියෝ හොයන්නෙ..?”
මාධ්‍යවේදියෙකු ඇගෙන් විමසුවේය. 
“මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ මම.. ඒ හින්දා මට රඟ පාන්න අමාරුයි.. දෙකම කරන්න ගියොත් දෙකෙන් එකක්වත් හරියට කරන්න වෙන්නෙ නෑ..” රේවතී පැවසුවාය. 
“ඔබ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවට මහේෂ් භාත් කැමති වුණා ද..?” ඔහු නැවතත් ඇසීය. 
“ඔව් මම ඔහු එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තෙ..” ඇය පැවසුවාය. 

20210324Film-1