ආයෙත් සෙලීනාට නිවුන්නු
2006 – 2010 වසරේ බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ සෙලීනා ජෙයිට්ලි පසුගියදා නිවුන් දරුවන් බිහිකරනු ලැබුවාය. ඇය මෙසේ නිවුන් දරුවන් බිහිකළ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වන විට ඩුබායි නගරයේ පදිංචිව සිටින සෙලීනා මෙවර පිරිමි නිවුන් දරුවන් බිහි කර තිබේ.
වර්තමානය වන විට බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටින ඇය 2011 වසරේ තිරගත වු ‘ශ්‍රීමති‘ දමිළ චිත්‍රපටය සඳහා අවසන් වරට රංගනයෙන් දායක විය. කෝටිපති ව්‍යාපාරිකයෙකු වන පීටර් බග් සමගින් විවාහ වී සිටින ඇය විවාහයත් සමගින් සිය රංගනයට සමුදුන්නේය.