ආයාලේ යන සුනඛයන්ට උර්වෂිගෙන් කෑම
ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි උර්වෂි රවුටෙලා මුම්බායි නගරයේ බොහෝ තැන්වල සිටින අයාලේ යන සුනඛයන්ට තම වියදමින් කෑම ලබා දෙන්නට කටයුතු කර තිබේ. ‘කොරෝනා’ වසංගතය හේතුවෙන් මේ වනවිට මුම්බායි නගරයද වසා දමා ඇති නිසාවෙන් අසරණ වූ මෙම සුනඛයන්ට මෙසේ කෑම ලබා දීමට ඇය මුලික ගෙන ඇත.
ඇය සිය ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුම හරහා තමන් විසින් සුනඛයන්ට කෑම ලබා දෙන ඡායාරූපයක්ද පළ කොට ඊට සටහනක් තබා තිබුණේ සත්වයින්ට ආදරය කරන සංගම් හා පිරිස් විසින් මෙම කාර්තව්යට තමාට සහය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.