ආබාධයක් නිසා අජිත් මාසයක් නිවාඩු
‘වලීමාලි’ දකුණු ඉන්දීය චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී අනතුරකට ලක්වූ සුපිරි නළු අජිත් කුමාර් මේ වනවිට විවේක සුවයෙන් පසුවෙන බව වර්තා වෙයි. මෙම අනතුරින් අජිත් අබාධයකටද ලක්ව ඇති අතර, වෛද්‍යවරුන් ඔහුට සති කිහිපයක් විවේකයෙන් ගැනීමට උපදෙස් ලබා දී ඇත.
වාර්තා වන අන්දමට ඔහු මේ හේතුවෙන් ‘වලීමාලි’ චිත්‍රපටයේ රූපගත කිරිම් මාසයක කාලයක් නවතා දමා ඇති බවය. මෙම චිත්‍රපටයේ මිළඟ රූපගත කිරිම් කටයුතු හයිද්ර්බාද්හි රූපගත කරන්නට නියමිත අතර, ඒ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේදී බව සඳහන් වෙයි.