ආන්යා පාණ්ඩේට අලුත් පෙම්වතෙක්
‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ආන්යා පාණ්ඩේ මේ දිනවල වඩාත්ම කාර්යබහුල වී සිටින බොලිවුඩ් නවක නිළියක් බවට පත්ව ඇත. පසුගියදා ඇයට තවත් අලුත් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබු තිබුණ අතර, ඒ 2018 වසරේ තිරගත වූ ‘ටැක්සිවාලා’ නම් තෙළෙඟු චිත්‍රපටයේ හින්දි නිර්මාණය සඳහාය.
තෙළෙඟු චිත්‍රපටයේ ප්‍රියංකා ජවලාකාර් නිරූපණය කළ ද්විත්ව චරිත ආන්යා විසින් මෙම චිත්‍රපටයේදී නිරූපණය කිරීමට නියමිතය. ආන්යාගේ මෙම චිත්‍රපටයේ පෙම්වතා ලෙස රංගනයෙන් දායක වන්නේ ඉෂාන් කට්ටර් විසිනි. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ලබන මාසේදී සිදුවීමට නියමිතව.