ආනල්ඩ්ගේ හෘද සැත්කම සාර්ථකයි
සුපිරි හොලිවුඩ් නළු ආනල්ඩ් ස්වසේනේගර්ගේ හෘද සැත්කමක් පසුගියදා සිදු කරනු ලැබීය. ඒ ඇමෙරිකාවේ ක්ලීවලීන්ඩ්හිදිය. ආනල්ඩ් මෙවර හෘද සැත්කමකට මුහුණ දුන්නේ දෙවැනි වතාවට වීම විශේෂත්වයකි. ඔහු මීට පෙර 2018 වසරේදිද මෙසේ හෘද සැත්කමකට මුහුණදී තිබුණ අතර, ඒ ලොස් ඇන්ජලීස්හිදිය.
73 වැනි වියෙහි පසුවන ඔහු මෙම හෘද සැත්කමින් පසුව මේ වනවිට පූර්ණ සුවයෙන් සිටින බව සඳහන් වෙයි. එමෙන්ම සිය සමාජජාල පිටු සමගින් ඔහු තම හෘද සැත්කම සිදුකරන්නට දායක වූ සැමට තුති පළ කළේය. ආනල්ඩ්ගේ තවත් %ටර්මිනේටර්^ චිත්රපටයක් ලබන වසරේදී නිකුත් වීමටද නියමිතය.