ආදිත්‍ය සිනමාවට ඇවිත් වසර දහයක්
2009 වසරේ තිරගත වූ විපුල් ෂාගේ ‘ලන්ඩන් ඩ්රිම්ස්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ආදිත්‍ය රෝයි කපූර් මේ වනවිට බොලිවුඩයේ සිටින තවත් යොවුන් රංගන ශිල්පියෙකි. කෙසේ වෙතත්, අසාර්ථක මට්ටමේ සිටින නළුවෙකු ලෙසද පිළිගැනෙන ආදිත්‍ය මේ දිනවල තිරගත වෙන කරන් ජෝහර්ගේ ‘කලාන්ක්’ චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙයි.
කෙසේ වෙතත්, අසාර්ථක නළුවෙකු ලෙස පිළිගැනෙන ආදිත්‍ය මේ ගෙවුණු වසර දහය තුළදී චිත්‍රපට 11ක් සඳහා රංගනයෙන් දායක වී ඇත. එහෙත්, ඉන් අති සාර්ථක වී ඇත්තේ ‘ආෂික්‍යු 2’, ‘යේ ධවානි හේ දිවානි’’, ‘ගුෂාරිස්’චිත්‍රපට පමණි. මේ පිළිබඳව ආදිත්‍යද තරමක් කණස්සල්ලෙන් සිටින බවට තොරතුරු වාර්තාවේ.