ආදරය විශ්වාස නොකරන සල්මන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-29-ent-57

2017-06-29-ent-58මේ දිනවල නැවතත් සල්මන් ඛාන් කරළියට පැමිණ සිටින්නේ ටියුබ්ලයිට් චිත‍්‍රපටයත් සමඟිනි. ඊද් උත්සව සමයේදී තිරගත කෙරුණු ඔහුගේ චිත‍්‍රපටි හැම එකක්ම පාහේ ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වූයේය.

ටියුබ්ලයිට් ප‍්‍රදර්ශනය ඇරඹුණේ ජුනි 23 දාය. 25 දා වන විට කෝටි 42කට අධික ආදායමක් උපයා ගන්නට එයට හැකි වූයේය. සතිය ඉක්මෙද්දී ආදායම කෝටි 70 ඉක්මවනු ඇතැයි විචාරකයෝ කියති.

නළුවෙකු වශයෙන් සාර්ථක වුවද ඔහුගේ ආදර ජීවිතය නම් බෙහෙවින් අසාර්ථකය. පෙම්වතියන් ගණනාවක් සිටියේ වී නමුත් ඔහු අදටත් තනිකඩයෙකි. ”විවාහය කියන්නේ නිකම් සල්ලි නාස්ති කරන වැඩක්”

විවාහ වන්නේ කවදාදැයි විමසන අයට ඔහු දෙන්නේ එබඳු පිළිතුරකි. සමහරු ඒ අදහසට එකඟ වන අතර සමහරු එයට විරුද්ධ වෙති.

”මම ආදරය කියන දේ විශ්වාස කරන්නෙම නෑ. එහෙම දෙයක් නෑ කියන එකයි මගෙ නම් අදහස. ඔතන තියෙන්නේ ආදරය නෙමෙයි අවශ්‍යතාව.

කෙනෙක් තව කෙනෙකුට මොන තරම් අවශ්‍ය වෙනවද කියන කරුණ උඩ තමයි බැඳීම රඳා පවතින්නේ” සල්මන් පවසයි.

ආදරණීය චිත‍්‍රපටි ගණනාවක පෙම්වතාගේ චරිතය රඟ පා ආදරයේ බලය හා සුන්දරත්වය ගැන රසිකයන්ගේ සිත් තුළ නොමැකෙන මතක සටහන් රැන්දු මේ සුපිරි නළුවාගේ ප‍්‍රකාශය බොහෝ දෙනෙකුගේ කනස්සල්ලට ද හේතු වී තිබේ.