ආදරය වරදක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-27-ent-13

සිනමා ක්‍ෂේත‍්‍රය තරම් ආදරය ගැන කතා කරන ආදරවන්තයන් එක් කරන වෙන් කරන ක්‍ෂේත‍්‍රයක් තවත් නැත. වැඩි කාලයක් එකිනෙකාට සමීපව සිටින විට ගැහැණු පිරිමි දෙදෙනෙකු ආදරයෙන් බැඳීම වැළැක්විය නොහැකියයි ජනප‍්‍රිය චිත‍්‍රපටි අධ්‍යක්‍ෂ කරන් ජෝහාර් පවසයි.

කරීනා කපුර් සහ සයිෆ් අලි ඛාන් ආදරයෙන් බැඳුණේ ටෂාන් චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුරය. ආලියා භාති සහ සිදාර්න් මල්හෝත‍්‍රා හමු වූයේත් ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත‍්‍රපටියේදීය.

‘‘මගේ චිත‍්‍රපටිවල ඒ වගේ අවස්ථා පහකට වැඩිය තිබිලා තියෙනවා. ඇත්තම කියනවා නම් මේක ආදරයෙන් පිරුණ ක්‍ෂේත‍්‍රයක්.’’ කරන් කියයි. ඔහුට අනුව චිත‍්‍රපටියක් රූගත කරන අතරතුර නළු නිළියන් ආදරයෙන් බැඳීම තුළ කිසිදු ගැටළුවක් නැත. එයින් චිත‍්‍රපටියට ආලෝකයක් මිස බාධාවක් ඇති නොවන බව ඔහුගේ අදහසය.

‘‘කාටවත් ආදරෙන් බැඳෙන්න එපා කියන නීතියක් කොහෙවත් නෑ. අනිත් එක සමහර චිත‍්‍රපටි රූගත කරන පරිසරය හරිම සීතලයි. ඉතින් ආදරයේ උණුසුමෙන් ඒ සීතල නැති වෙනවා නම් මොන තරම් දෙයක්ද?

ඔහු කියන්නේ මහ හඬින් සිනාසෙමිනි.