ආදරය පිළිගත්තේ නැත්නම් සියදිවි නසාගන්නවා - රසිකයෙකුට සුරූපී නිළියක දුන් අමුතුම උත්තරය
අනිඛා සුරේන්ද්‍ර කියලා කියන්නේ මේ වනවිට දමිළ සිනමාව නැගි එන නිළියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
16 හැවිරිදි වියෙහි පසුවන ඇය මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කරන්නීයක් වී තිබෙනවා.
අනිඛා දමිළ සිනමාව තුළ පමණක් නොව මලයාලම් සිනමාව තුළ දී ළමා නිළියක ලෙස ඇය සිය දක්ෂතාවය නිසි ලෙස ඔප්පු කර තිබුණා.
2010 වසරේදී මලයාලම් චිත්‍රපටියක් හරහා ඇය මලයාලම් සිනමාවට පා තැබුවා.
කොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළුවකු අජිත් කුමාර්ගේ චිත්‍රපටියක් වන එන්නෛ අරින්දාල් චිත්‍රපටිය තුළින් දමිළ සිනමාවට පා තැබුවා.
මෑතකදී සිය රසිකයින් සමඟ සමාජ මාධ්‍ය තුළ ලයිව් සාකච්ඡාවක් සිදු කළ අතර එහිදී එක් අයෙකු ඇයගෙන් අමුතුම ප්‍රශ්නයක් අසා තිබුණා.
ඔයාගේ රසිකයෙක්, ඔයාට ආදරය ප්‍රකාශ කරලා, ඔයා ඒක භාරගන්න අකමැති වුණොත් සියදිවි නසා ගන්නවා කියලා තර්ජනය කළොත් මොනවාද කරන්නේ...? යනුවෙනුයි ඔහු එම ප්‍රශ්නය අසා තිබුණේ.
ඊට පිළිතුරු ලබා දෙමින් මෙම සුරූපි නිළිය කියා සිටියේ, "මට මීට කලින් මෙවැනි විද්‍යුත් තැපෑලක් ආවා.. ඒ නිසා මේ ගැන අපි කතා නොකර ඉමු.. ඒ ගැන හිතුවත් බයයි.." යනුවෙනුයි.
මේ වනවිට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක්ව තිබීමත් විශේෂත්වයක්.