ආදරණීය ඡායාරූපය
සිය මවගේ උපන් දිනයට සුබ පතමින් ගෞරි ඛාන් විසින් පළ කරන ලද ඡුායාරූපයක් ලොව පුරා රසිකයන්ගේ ප්‍රසාදයට ලක් වී තිබේ. එහි ෂාරුක් ඛාන්, බාල පුත් අබ්රාම් ඛාන් සහ ගෞරිගේ මව ද සිටිති. ෂාරුක් අබ්රාම් සිය පාදයක් මත වාඩි කරවාගෙන කාරයක් අසළ බිම හි`ද සිටින අතර ගෞරිගේ මව ඔවුන් වටා අත් යවාගෙන සිටගෙන සිටින්නීය. ඔවුන් තිදෙනාම බොහෝ සතුටින් කැමරාවට මුහුණ දී සිටිනු පෙනිණි.
කරාතේ කී‍්‍රඩාවේ නිරත වෙන අබ්රාම් කහ පටිය ලබා ගත් බැව් පසුගිය දා ෂාරුක් ආඩම්බරයෙන් ප්‍රකාශ කර තිබිණි. මේ තාත්තාත් පුතාත් එකිනෙකාට දක්වන ඇල්ම අසීමිත බැව් නොදන්නා කෙනෙකුනැත.
ෂාරුක් අවසානයට ර`ග පෑවේ අනුෂ්කා ෂර්මා සහ කති‍්‍රනා කායිෆ් සම`ග සීරෝ චිත්රපටියේය. ඔහු ර`ග පාන ඊ් ළ`ග චිත්‍රපටිය ළ`ගදීම ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.