ආක්ෂේට තරගයක් දෙන ජෝන්
සමිපතම මිතුරන් වන ආක්ෂේ කුමාර් හා ජෝන් එබ්රිහිම්ගේ චිත්රපට ද්විත්වයක් පසුගිය අගෝස්තු 15 වැනිදා ප්රදර්ශනය විය. සිනමා විචාරකයන් බොහෝ දෙනෙකු පැවසුවේ මෙම චිත්රපට දෙක එකම දිනයේදී ප්රදර්ශනය වීම චිත්රපට දෙකටම පාඩුවක් සිදුවනු ඇති බවය.
කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර්ගේ ‘මිෂන් මංගල්’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගෙන ඇති අතර, ජෝන් ඒබ්රිහිම්ගේ ‘පටියාලා හවුස්’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 50ක ආදායමක් උපයාගෙන ඇත. මේ වනවිට චිත්රපට දෙකේම වියදම් වූ මුදල සොයා ගෙන තිබීම විශේෂත්වයකි.