ආක්ෂේගේ චිත්‍රපට ලබන වසරට කල් දමයි
සුපිරි බෙලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ චිත්‍රපට රැසක් මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. එහෙත්, ඉන්දීය සිනමා වෙබ් අඩවි කිහිපයක්ම සඳහන් කරන්නේ ඉන්දියව තුළ මේ වනවිට විටත් ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛයිරසය වැඩි වශයෙන් ව්‍යාප්තව වීමත් සමග ඔහු හා ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට නිෂ්පාදනය කළ කණ්ඩායම් මේ තිරණය ගෙන ඇතැයි වාර්තා වේ.
ආක්ෂේ රංගනයෙන් දායක වූ ‘ලක්ෂ්මි බොම්බ්’, ‘බච්චන් පාණ්ඩේ’, ‘අතිරන්ගේ රේ’ හා ‘පෘථවීරාජ්’ මෙසේ ලබන වසර දක්වා ප්‍රදර්ශනය අත්හිටුවා තිබේ. එමෙන්ම මාර්තු මාසයේ තිරගත විමට නියමිතව තිබු ‘සූර්යවංශී’ චිත්‍රපටයද මේ වනවිට දින නියමයක් නොමැති කල් දමාද ඇත.