ආක්ෂේගේ චිත්රපට හතරක් ලබන වසරේදි
මේ වසරේ තිරගත වූ ‘පැඩ් මැන්’ හා ‘ගෝල්ඩ්’ චිත්රපටහි රංගනයෙන් දායක වූ ආක්ෂේ කුමාර් ලබන වසරේ චිත්රපට හතරකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත්, මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වන ‘2.0’ දමිල චිත්රපටයේද ආක්සේ පෙනි සිටින අතර, එය ඔහු රංගනයෙන් දායක වන පළමු දමිල චිත්රපටයද වේ.
ලබන වසරේ ආක්ෂේ මුලින්ම සිය රසික පිරිස් හමුවන්නේ අනුරාග් සිංගේ ‘කේසාරි’ චිත්රපටයෙනි. ඊට පසුව සජිද් නදිඩ්වාලාගේ ‘හවුස්ෆුල්’ සිවුවැන්න, කරන් ජෝහර්ගේ ‘ගුඩ් නිවුස්’ හා ඉන්දර් කුමාර්ගේ ‘හේරා පේරි’ තුන්වැනි චිත්රපට තුළින් ආක්ෂේ ලබන වසරේදී බොලිවුඩයේ දකින්නට ලැබෙන චිත්රපට වේ.