ආක්ෂේගේ ‘ගෝල්ඩ්’ චීනයේ පෙන්වයි
පසුගිය වසරේ අගෝස්තුවේදී බොලිවුඩයේ ප්රදර්ශනය වූ රිමා කග්තිගේ ‘ගෝල්ඩ්’ චිත්රපටය එළැඹෙන දෙසැම්බර් 13 වැනිදා පළඹු වතාවට චිනයේ ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත. ආක්ෂේ කුමාර් හා මවුනි රෝයි රංගනයෙන් දායක වූ මෙම චිත්රපටය ඉන්දීය ජාතික ‘හොකී’ කණ්ඩායම පිළිබඳව ගේතුනු කතාවක් ඇතුළත්ව තිබුණි.
ඉන්දීය රුපියල් කෝටි 59ක වියදමින් නිර්මාණය වූ ‘ගෝල්ඩ්’ තිරගත වූ කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 159ක ආදායමක් උපයාගන්නට සමත් විය. මීට පෙර ආක්ෂේ රංගනයෙන් දායක වූ චිත්රපට කිහිපයක්ම චිනයේ ප්රදර්ශනය වූ අතර, එහිදි සාර්ථක ආදායමක්ද උපයාගන්නට සමත් විය.