ආක්ෂේගේ ‘කේසාරි’ සිනමා ශාලා 1000ක
මාර්තු 21 වැනිදා ප්රදර්ශනය වීමට නියමිත අනුරාග් සිංගේ ‘කේසාරි’ චිත්රපටය ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 1000ක ප්රදර්ශනය කරන්නට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. ඉන්දිය නිදහස් දිනය තේමා කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්රපටයේ සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් හා ජනප්රිය සිනමා නිළි පරිනීති චොප්රා රංගනයෙන් දායක වී ඇත.
මෙය ආක්ෂේ මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්රපටය වන අතර, සිනමා විචාරකයන් පවසන්නේ පසුගිය වසරේ ‘පැඩ් මැන්’, ‘ගෝල්ඩ්’ හා ‘2.0’ දමිල චිත්රපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වුවාක් මෙන් ‘කේසාරි’ චිත්රපටයද ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක එකක් වන ලකුණු දැනටමත් පෙන්වමින් පවතින බවය.