ආක්ෂේගේ උත්සාහය අපතේ
පසුගිය සති අන්තයේදී එංගලන්තයේදී නිමාව දුටු කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය නැරඹිමට බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් එක්ව සිටිනු දක්නට ලැබුණි. ඉන්දීය ක්‍රීඩිකාවන් දිරිගැන්විම්ට ආක්ෂේ කුමාර් මෙහිදි කටයුතු කළ අතර, අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත් විය.
කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් ඉන්දීය ක්‍රීඩකාවන් හමුවි ඔවුන් අවසන් තරගයේදී කළ සටන්කාමිත්වය ගැන සිය සතුටු පළ කරනු ලැබීය. ඉන් නොනැවතුණ ආක්ෂේ සිය ‘ටිවිටර්’ ගිනුම හරහාද ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලැබු ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් පළ කොට තිබුණි.
ආක්ෂේට අමතරව, අනුෂ්කා ෂර්මා, යමී ගෞතම්, ෂාහිඩ් කපූර්, රිතෙක් දේශ්මුක්, බෝමන් ඉරානි, ඉන්දීය අගමැනි නරේන්ද්‍ර මෝඩි හා ප්‍රිටි සින්ටාද සිට ‘ටිවිටර්’ ගිණුම් හරහා සිය ප්‍රතිචාරය ඉන්දීය ක්‍රීඩිකාවන්ට දක්වා තිබුණි.